Friday, November 7, 2014
ක‍්‍රීඩා විචාරකයින්ට ශ‍්‍රී ලංකාව ගැන සැකයක්.
ඉන්දියාව සමඟ පැවති දෙවැනි එක්දින තරඟයෙන් ද දැවැන්ත පරාජයකට ලක්වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල සැබෑ උද්යෝගයකින් තරඟාවලියට සහභාගි වන්නේ ද යන්න ගැටලූවක් බව ක‍්‍රීඩා විචාරකයන් පවසනවා. එමෙන්ම, ලොව විශිෂ්ඨතම එක්දින ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල ඉන්දියාවේදී මෙතරම් අසීරුතාවට පත්වීම පිළිගත නොහැකි කරුණක් ලෙසයි විචාරකයන් පෙන්වා දෙන්නේ. පළමු එක්දින තරඟයෙන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 169 ක පරාජයක් ලැබූ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් ඉන්දීය පිල කඩුලූ 6 ක ජයක් ලැබුවේ පන්දු 33 ක් ඉතිරිව තිබියදීයි. තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා පිලට ක‍්‍රීඩකයන් තෝරා ගැනීම පිළිබඳව ද ඊයේ තරඟ විස්තර විචාරකයන් විවේචනයට ලක් කළා. විශේෂයෙන් දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න පළමු තරඟ තුන සඳහා විවේක ගැන්වීම සිදුනොකළ යුතුව තිබූ කරුණක් බවයි ඔවුන් කියා සිටියේ. කෙසේ නමුත්, කණ්ඩායම තරඟාවලිය තුළ සෙමින් ප‍්‍රගතියක් ලබමින් සිටින බව ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රකාශ කළා.
uputa ganima- Hiru goddip
සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කළ බව කියන මුස්ලිම් පාසල් සිසුවියක් සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ අදාළ සිසුවිය අත්අඩංගුවට ගෙන සීගිරිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මුස්ලිම් සිසුවිය මඩකළපුව ප‍්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියකි.
මුස්ලිම් සිසුවිය වැඩිදුර විමර්ශන සඳහා සීගිරිය පොලිසියට බාර දි ඇති අතර ඒ හේතුවෙන් අදාළ සිසුවිය අධ්‍යාපන චාරිකාවේ පැමිණි සෙසු පිරිස ද ඊයේ සිගිරිය ප‍්‍රදේශයේ නවාතැන් ගෙන ඇත.
මුස්ලිම් සිසුවියට පොලිස් ඇප ලබාගැනීම සඳහා මුස්ලිම් ජාතික පක්ෂ විපක්ෂ දේශපාලකයින්ගෙන් සිගිරි පොලිසියට ඇමතුම් ගලා එන්නට වූ බව වාර්තාවෙයි .
කෙසේ වුවද පුරාවිද්‍යා පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඇප ලබාගැනීමට නොහැකිවී තිබේ . සිසුවිය ඊයේ දිනයේ නිදහස් කරගැනිමට නොහැකි වීම හේතුවෙන් ඇය සමග අධ්‍යාපන චාරිකාවට එක්ව සිටි සෙසු පිරිස ද ඊයේ රාත්‍රී සීගිරිය ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි බව සඳහන් කළේය.
කෙසේ වුව ද ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව අද පෙරවරුවේ පොලීසිය විසින් මුදාහැර තිබේ.
=================================
පේනවානෙ. මුස්ලීම් අය වෙනුවෙන් උන්ගේ දේශපාලඥයින් පක්ෂ විපක්ෂ බේධයකින් තොරව පෙනී සිටිනවා. ඒත් අපේ සිංහල දේශපාලඥයින් පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා. ඓතිහාසික උරුමයකට හානි කළාම ඒ වෙනුවෙන් කතා කරන්න ආණ්ඩු පක්ෂයේවත් විපක්ෂ වලවත් එකම සිංහල දේශපාලඥයෙක්වත් නෑ. සහජීවනය නැති වෙන නිසා...
uputa ganima - shinhala buddhisht
Sunday, November 2, 2014
දෙවන තෙවන වසර සිසුන්ට නේවාසිකාගාර දෙන්නෙම නෑ
- ඇමැත් එස්.බී
(ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)
සිසුන්ට නේවාසික පහසුකම් සැලසිම සඳහා ඉදිකළ නේවාසිකාගාර 30 ක සිසුන් 12000 කට පහසුකම් ලබාදි ඇති බව කී ඇමතිවරයා තවත් නේවාසිකාගාර 30 ක් ඉදිකිරිමෙන් පසු සියලු සිසු නේවාසික ගැටලුව අවසන් වන බවද ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දුනේෂ් ගන්කන්ද මහතා - මහින්ද චිනත්නයේ තියෙනවා සෑම ශිෂ්‍යයෙකුටම නේවාසික පහසුකම් ලබා දෙනවා කියලා. ඇයි දෙවන තුන්වන වසරවල සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා නොදෙන්නේ.
ඇමති එස්.බි. දිසානායක මහතා - දෙක තුන වසරවල සිසුන්ට අද දෙන්නෙත් නැහැ.... හෙට දෙන්නෙත් නැහැ .... අනාගතයේදි දෙන්නෙත් නැහැ ....... දෙවන සහ තුන්වන වසර සිසුන්ට විශ්ව විද්‍යාල ගම්මාන ක්‍රමයක් හඳලා දෙන්නයි කටයුතු කරන්නේ. දැනටත් විශ්ව විද්‍යාලවලින් අනුමත කළ ඒ ආසන්නයේ නිවාසවල තමයි සිසුන් නවාතැන් ගෙන ඉන්නේ. ඉතින් මේ නිවාසවල තියෙන කාමර පහසුකම් වැඩි කරන්න අපි උදව් කරනවා.
Lakbima News paper Uputaganima
Subscribe to:
Posts (Atom)

