META CONTENT='0; URL=http://viutube.lk/watch_video.php?v=28405' HTTP-EQUIV='Refresh'/ Gossip මව්බිම 2014: දෙවන තෙවන වසර සිසුන්ට නේවාසිකාගාර දෙන්නෙම නෑ

Sunday, November 2, 2014

දෙවන තෙවන වසර සිසුන්ට නේවාසිකාගාර දෙන්නෙම නෑ

  

- ඇමැත් එස්.බී

(ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)
SB‘විශ්ව විද්‍යාලයන්හි දෙවන සහ තෙවන වසර සිසුන්ට නේවාසික පහසුකම් අද දෙන්නෙත් නැහැ ..... හෙට දෙන්නනෙත් නැහැ ..... අනාගතයේදි දෙන්නේත් නැහැ .....’ යැයි උසස් අධයාපන ඇමති එස්.බි. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි සෙනසුරාද (
01) ප්‍රකාශ කළේය. සිසුන් 94494 දෙනෙකු ජාතික විශ්ව විද්‍යාලයන්හි
අධ්‍යාපනය ලබන බවත් ඉන් සිසුන් 36121 කට නේවාසිකාගාර පහසුකම් ලබා දි ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය. නේවාසික පහසුකම් ලබා දෙන්නේ පළමු වසරේ සිසුන්ට බව ප්‍රකාශ කළ ඇමතිවරයා විවෘත විශ්ව විද්‍යාලය හැරුණු කොට මේ නේවාසික පහසුකම් නොමැතිව ඇත්තේ සිසුන් 5000 කට පමණක් බවද කීවේය.
සිසුන්ට නේවාසික පහසුකම් සැලසිම සඳහා ඉදිකළ නේවාසිකාගාර 30 ක සිසුන් 12000 කට පහසුකම් ලබාදි ඇති බව කී ඇමතිවරයා තවත් නේවාසිකාගාර 30 ක් ඉදිකිරිමෙන් පසු සියලු සිසු නේවාසික ගැටලුව අවසන් වන බවද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දුනේෂ් ගන්කන්ද මහතා - මහින්ද චිනත්නයේ තියෙනවා සෑම ශිෂ්‍යයෙකුටම නේවාසික පහසුකම් ලබා දෙනවා කියලා. ඇයි දෙවන තුන්වන වසරවල සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා නොදෙන්නේ.
ඇමති එස්.බි. දිසානායක මහතා - දෙක තුන වසරවල සිසුන්ට අද දෙන්නෙත් නැහැ.... හෙට දෙන්නෙත් නැහැ .... අනාගතයේදි දෙන්නෙත් නැහැ ....... දෙවන සහ තුන්වන වසර සිසුන්ට විශ්ව විද්‍යාල ගම්මාන ක්‍රමයක් හඳලා දෙන්නයි කටයුතු කරන්නේ. දැනටත් විශ්ව විද්‍යාලවලින් අනුමත කළ ඒ ආසන්නයේ නිවාසවල තමයි සිසුන් නවාතැන් ගෙන ඉන්නේ. ඉතින් මේ නිවාසවල තියෙන කාමර පහසුකම් වැඩි කරන්න අපි උදව් කරනවා. 
Lakbima News paper Uputaganima

No comments:

Post a Comment